2

නුඹේ උපත මවගෙ විපත

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 28, 2011

හිනහෙන්නද අඩනවාද
පුතේ තවම හිතුනේ නෑ
නුඹේ උපත මවගෙ විපත
තනි මට උහුලන්නට බෑ

මගේ හිතේ ඇවිලුනු ගිනි
පුතේ නුඹට නොපෙනුනාට
උපන් දිනය සමරන්නට
අම්මව තනි කරන්න බෑ

නෙතේ පිරැණු කදුළැල් දැක
පුතේ නුඹට නොහැඩුනාට
උපන් දිනය සමරන්නට
අම්මව තනි කරන්න බෑ


|

2 Comments


මෝරපු, පැනි බැහැපු ආදරය, කියල මේ ආදරය හැඳින්නුවොත් වරදක් වෙන්නේ නෑ;
ළපටි බොළඳ ආදරයට සාපෙක්ෂව ගලේ කෙටූ සෙල් ලිපියක් මෙන් ස්තීර ආදරය.

මං දන්න දෙදෙනෙක් සිය ස්වමියා සහ බිරිඳ මිය ගිය පසු, අලු ගෙනැවිත් ලඟ තබා ගත්තා. කෙනෙකු පෙට්ටියක බහා නිදන කොට්ටය ලඟින් තබාගත්තා, කෙනෙකු අලු ගෙනැවිත් මල් පාත්තියේ යට වැලලුවා. සත්ය සිද්ධි. මං හිතුවේ මේරූ ආදරේ තරම කියලයි.

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.