1

ආයෙත් මට වැරදුනෝ

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

හෙනහුරැ අපල මා පසු පස දුව එද්දී
අරඹන හැම වැඩම තිතටම වරදිද්දී
මං ගැන යදින දෙවිවරැ දෙවොලේ ඉද්දී
දහසක පඩුරැ මදිවිය දුක කියවද්දී

උදේම නා සුදු පිරැවටයක් ඇදලා
නිවුඩු හාලෙ බත් කට දෙකකුත් කාලා
කිල්ලෙන් බේරෙන්නට තෙරැවණ් වැදලා
ගියේ දෙවොල වෙත සෙනෙහස ගැන හිතලා

සහකාරියගෙ පැත්තේ බර බර හිංදා
අනේ දෙවියනේ අපි විදි දුකු කන්දා
අහවර කර ගන්ට අපි දෙවියන් යැද්දා
සැදුනොත් හොදයි සැම සිත් මැ වෙත රංදා

හැඩහුරැකම් ලිපින හැම දෙවියන්ට කියා
පිහිටක් පතා උන්නේ නෙත් කදුළු අයා
මොහොතක නිහැඩියාවක ඇරඹුමක් නියා
හිත කැළඹුනේ දෙවියන් කෝ කොහෙද කියා

කට්ටඩියා අමුතුම ගමනක් අවා
අතේ දිගු රිටක් පැත්තට වන වනා
මගේ කකුල් දෙක යහතින් වූ නිසා
පණ බේරැනා මාරක අපලෙන් එදා

පසුවයි දැන ගත්තෙ සිදුවුන කතන්දරේ
උන්නේ ඇගෙ පියා සොමියෙල් අන්දරේ
ආයෙත් බලාගන්නට මගෙ කේන්දරේ
අම්මෝ ආයෙ ගියෙනම් නෑ ඒ පාරේ


|
1

තනිකම

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

තත්පරයක් වටීවි හිටියා නම් නුඹ
අන්සතු නොවීම දෙනෙත් ළගින්
ඔහු සමගින් දොඩමළු වී උන් හැටි
දකින්න පව් කර ඇති සසරෙන්

මගේ සිහිනයේ නුඹ හා ගිය මග
ඔහු සමගින් නුඹ යන්න ඇතී
තනිතරැවක් වී සුසුම් හෙලන්නම්
තනිකම ළග මම දනින් වැටී

මගේ මතකයේ නුඹ උන් තැන් වල
කදුළු වැටී වියලෙන්න ඇතී
ආයෙත් පෙර දා ලස්සන හීනෙක
තනියෙන් සක්මන් කරන්න ඇතී


|
0

සද වත වැසෙන්න

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

සද වත වැසෙන්න වැහි අදුරක් ආවට අහසේ
දොඩමළු වී පෙම්බස් දෙඩු කාළය ඇති රහසේ
හිත තියා ගන්න නුඹ ළගින්ම නොමියෙන හිරැසේ
මට කියා දෙන්න ඇයි මෙතරම් ආදරේ පණසේ

කලා වැවට ඉකි බිදිනා ගං දිය ඉවුරේ
බලා උන්න ඈතින් හින හෙන නුඹෙ අරැමේ
සගවා ගෙන යන්නට හිත නොදැක්ක විලසේ
බැරි උනාමනම් ඉන්නද අත ගන්න නුඹේ

හඩා වැටෙන මන්දාරම් නිල් අහස් කොනේ
පායන දේදුන්නනක ලියවමුද ආදරේ
හඩා වැටෙන සිතුවිලි ළග ගලන ජීවිතේ
හදා ගන්න පුළුවන් , නම් සද ඉන්න අහස මගේ


|
0

අද සද පෑයුවාට

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

අද සද පෑයුවාට මතකද දවසක් තිබුණා
කදුළු පිරැනු දෙනෙත් වලින් රෑ කළුවර ගෙව්වා
හිතා ගන්න බෑ ඔය හිත මගේම උන හිංදා
ඝණදුරැ රෑ හදිස්සියෙම සද කිරණක් වැටුනා

දිනා ගන්න හිත මැදියම පුරාවටම කළ දේවල්
මතක් වෙද්දි හිතට නිවන නෑ
අහංකාර නුඹ යන කොට දෑසට කදුළක් තනිකර
හැඩුවා නුඹ හැරී බැලුවෙ නෑ

හදා ගන්න බැරි තරමට බිදුනා හිත හැමදාමත්
නුඹ මගෙ හිත ගැන සිතුවේ නෑ
දවසක් යන මග නුඹ හිද දුන්න හසුන අත දිගුකර
ලැබුනා මට මගේ සිතුම් පෑ


|
0

දරා දස මස

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

දරා දස මස කුස දරා
විදී දුක් කදුළින් වසා
සොයා ගිය ජය ටැඹ සොයා
විගස එමි මව් සෙනෙ සොයා

පුංචි දෙපයට දිරිය දී
දුන්නු මග පෙන්වා නිතී
අම්මෙ නුඹෙ සුවදට මගේ
තවම නෙත් කදුළින් තෙමේ

වැහැරි වත රෝ ගොදුරැ වී
පැතුම් ළග සතපා නෙතූ
ඈත මග පෙනෙනට දුරින්
තවම එමි මම දුක් සිතින්

අම්මෙ නුඹෙ සුවදට මගේ
තවම නෙත් කදුළින් තෙමේ................


|
0

පිණි බිංදු අරං

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

පිණි බිංදු අරං වැස්ස ඇවිත්
සද එළිය මැදින්
ඒ වැස්සෙ ඇවිද යන හිත
ගැන සදට හිත ගිහින්

මුතු කුඩයක් වී නුඹ යන මග
ඉන්න පැතුව මං
පිණි බිංදු ඇවිත් ඔය කම්මුලෙ
තනිය මැකුව නම්
පිණි බිංදු ඇවිත් ඔය කම්මුලෙ
තනිය මැකුව නම්

පන්හිදට නුඹේ හිත ලියන්න
කවිය හෙව්ව මං
නුඹ වීදි කොනින් මගෙ දෙනෙතට
නොපෙනි ගියා නම්
නුඹ වීදි කොනින් මගෙ දෙනෙතට
නොපෙනි ගියා නම්


|
0
Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

සද වත වැසෙන්න වැහි අදුරක් ආවට අහසේ
දොඩමළු වී පෙම්බස් දෙඩු කාළය ඇති රහසේ
හිත තියා ගන්න නුඹ ළගින්ම නොමියෙන හිරැසේ
මට කියා දෙන්න ඇයි මෙතරම් ආදරේ පණසේ

කලා වැවට ඉකි බිදිනා ගං දිය ඉවුරේ
බලා උන්න ඈතින් හින හෙන නුඹෙ අරැමේ
සගවා ගෙන යන්නට හිත නොදැක්ක විලසේ
බැරි උනාමනම් ඉන්නද අත ගන්න නුඹේ

හඩා වැටෙන මන්දාරම් නිල් අහස් කොනේ
පායන දේදුන්නනක ලියවමුද ආදරේ
හඩා වැටෙන සිතුවිලි ළග ගලන ජීවිතේ
හදා ගන්න පුළුවන් , නම් සද ඉන්න අහස මගේ


|
0

මට ගුටි කන්න වේවිද මංද

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

බොරැවේ උපත සොය සොය පොත් පත් අතරේ
කාළය ගෙවූවට හමුවුනෙ නෑ මිතුරේ
ඇස් කන් විහිදලා බැලුවම දස අතරේ
හමුවුණි උපත බොරැවේ,ගැහැනුන් අත‍රේ

ඉහලට නගින මිනිසුන් පසුපස ඉන්නේ
මව්වරැ වගේ ගැහැනුන් බව පිලි ගන්නේ
පහලට වැටෙන මිනිසුන් පසු පස ඉන්නේ
බොරැවට පණ පෙවූ විගඩම් බව දන්නේ

දහසක් සිහින ඇස් ළග මවලා පෙන්නා
අතේ තියෙන සතයත් රහසේ පන්නා
පැන යන්නට දෙනෙත් පියවෙන තුරැ ඉන්නා
ගැහැනුන් ගැන හිතා නොහැඩුවොතින් දින්නා


|
0

විවාදය

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

බොරැවේ උපත සොය සොය පොත් පත් අතරේ
කාළය ගෙවූවට හමුවුනෙ නෑ මිතුරේ
ඇස් කන් විහිදලා බැලුවම දස අතරේ
හමුවුණි උපත බොරැවේ,ගැහැනුන් අත‍රේ

ඉහලට නගින මිනිසුන් පසුපස ඉන්නේ
මව්වරැ වගේ ගැහැනුන් බව පිලි ගන්නේ
පහලට වැටෙන මිනිසුන් පසු පස ඉන්නේ
බොරැවට පණ පෙවූ විගඩම් බව දන්නේ

දහසක් සිහින ඇස් ළග මවලා පෙන්නා
අතේ තියෙන සතයත් රහසේ පන්නා
පැන යන්නට දෙනෙත් පියවෙන තුරැ ඉන්නා
ගැහැනුන් ගැන හිතා නොහැඩුවොතින් දින්නා



අමා


ළබැදි දයාවෙන් ඔබ හට කියන්නද
දුක සිතෙනවා සත්තයි අණුවන සබද
බොරුවේ උපත කිවේ පන්ඩිතයෙක්ද
මේ කීවෙත් නුබ බොරුවකී පිළිගන්නවද

බොරුවේ උපත සෙව්වෙත් නුබ බොරුවෙන්ද
තව තව ඇත්ත කීවත් අපි පිළිගන්නවද
අහෝ මිතුර මායම් දැක නැතුවාද
පිරිමි කියන්නේ සිල් ගත් බමුණන්නද......???



හර්ෂ


දහසක් ළගට ගොස් ඇහුවොත් මේ පැනය
පිළිගන්නට වෙන එකත් නංගියෙ නුඹ සතුය
තොප්පිය දාගන්න පෙර සිතුවානම් කවිය
මම නම් කියූවේ සමහර අය ගැනය



අමා


සමහර අයව වෙන් කෙරුවත් අයියේ ඔන්න
ඒ අය වුනත් ගැණනුන් බව දැන ගන්න
පු0චි බොරුව හිස් මුදුනින් පිළිගන්න
මෝඩ කමේ උපතයි පිරිමින් ඔන්න...



හර්ෂ


බොරැවෙ උපත ගැහැණුන් කියනා එකට
අමා නංගියේ නුඹහට දුක හිතුනාට
ඔයත් ඔන්න කිව්වා බොරැවක් රස‍ට
යන්නට ආසයිද නංගියෙ මම කියු ගොඩට

හැන්දේ මිට වගේලූ ගෑනුන්ගේ මොළය
නංගෝ මම නෙමෙයි කිව්වේ පඩිවරැය
ඒ වගේ කතා නම් පිරිමින් හට නැතය
ඒ වගෙ කථාවක් කිව්වට මට දුකය............




අමා


ළබැදි දයාවෙන් ඔබ හට කියන්නද
දුක සිතෙනවා සත්තයි අණුවන සබද
බොරුවේ උපත කිවේ පන්ඩිතයෙක්ද
මේ කීවෙත් නුබ බොරුවකී පිළිගන්නවද



හර්ෂ


දහසක් ළගට ගොස් ඇහුවොත් මේ පැනය
පිළිගන්නට වෙන එකත් නංගියෙ නුඹ සතුය
තොප්පිය දාගන්න පෙර සිතුවානම් කවිය
මම නම් කියූවේ සමහර අය ගැනය



අමා


බක පණ්ඩිත විලස කවි ලිය ලිය ඉන්න
මේ වගේ පුන්චි දෙකින් සැනසුම ලබන
සුන්දර ගැහැණියට ඇගිල්ල දිගු කරන
අග මුල කියනවාද අනේ මට දැන ගන්න.....?



හර්ෂ


කවි ලියවෙන්නෙ බක පණ්ඩිතයන්ට විතරද
එහෙනම් ඔයත් බක බක පණ්ඩිතයෙක් නොවෙද
අහසේ තරැ බලන් කෙල ගැහුවොතින් අද
තේරේවී නුඹට නිව්ටන් කියපු පද



අමා


හිතවත් ඔබ මොනවද මේ පවසන්නේ
නුබ වැනි අය ගැනනම් මා හොද හැටි දන්නේ
කෙසේ වෙතත් මෙතැනින් නෑ පරදින්නේ
එහෙත් නිදිමතයි කාටද එය පවසන්නේ....?



හර්ෂ


රත් උන හිස් මොළය කුල්මත් කරන්නට
නංගියෙ සිතු එකනම් හොදයි නිදි යන්ට
බොරැ කිය කියා උන්නත් පෙන්නා ‍ලොවට
තුති දෙමි කවි වැලට පිළිතුරැ දුන්නාට



අමා


ඉහ මොළ රත් වෙනවා මේ කවි දැක්කාම
නිදියන්නේ පුරුදුකම හින්දයි ඉතින් මෙහෙම
දුටුවා අදත් නෙතින් දිව ගිය මුවන් මම
එබැවින් නුබ කීව කිසිවක් නොවෙයි සම



හර්ෂ


හද්ද වන්නියේ ඉන්නා මේ නංගට
ගෑනුන්ගේ හැටි පුළුවන් වේද දැන ගන්ට
කොළඹට ඇවිත් ඇහැ කණ ඇරලා ඉන්ට
පුළුවන් වේවි මා කියු දේ දැන ගන්ට

නංගියෙ මම ආයෙ කැම්පස් යා යුතුය
තව කිව්වොතින් හොදටම කන්නට හැකිය
අවසන් කරමු මේ ගැන ඇතිවුන හබය
අමතක කර ඉන්න ගෑණුන් ගැන කියු පදය



අමා


සක්සුද සේම කියනා දේ පැහැදිළිය
එය නොපිළිගන්නේ තව මදිකමය
බොරුවේ උපත අවසානය නිගමනය
තනි උපතක් ලොව නැත පිරිමින් පළිය...



හර්ෂ


පැහැදිලි නම් නගේ දැන් වැටහී ඇත්ද
තවමත් ඉතින් කියු දේ පිලිගන්නට බැරිද
බොරැව උපන්නේ ගැහැණුන්ගේ ළගද
ජනමත විමසුමක් තිබ්බොත් හොද නැද්ද



අමා


කට ඇති පුතුන් වැදු අම්මේ නුබ නාඩන්
මුන්ගේ මොළය දැන්නම් පදමට වැඩියෙන්
කාට කියන්නද මේ බොරු අරුමෝසන්
ඕන දෙයක් මා එකට සූදානන්......



හර්ෂ


කට ඇති පුතුන් වැදු මව්වරැ ලොව දිදුලයි
බොරැ කියනා කතුන් මව්ගේ නම කෙලසයි
අරැමෝසම් පැළදි ගැහැණුන් අහසේ ඉගිලෙයි
අවසානයේ අම්මා ළග ඉන්නෙ පුතයි



අමා


ඒ ගැන ඉතින් කියනා කට කුමකටද
පුතණින් දෙන තිළිණයනම් ගිලන් ඇද
සෙවණල්ලයි දියණිය සැමදාම සද
අනේ ඉතින් දැන්වත් පිළිගන්නවද...?



හර්ෂ


බොරැ කියනා කටේ නම් ඇති වැඩක් නැත
දැන හෝ නොදැන පිලිගත්එක හොදට ඇත
ගැහැණුන් කියන දේවල් වල ඵලක් නැත
දන්නෝ දනිති කවුරැද බොරැවේ උපත

ගැහැණුන් කියන මඩ ගොහුරේ පිපුණු මල
අම්මා නොවෙද සුවදින් නැහවුවේ ලොව
ඒ ගැන නගේ කිව්වට නම් ඵලක් නැත
අම්මා ගැන ලියන්න‍ට නම් මට වචන නැත



අමා


හැමදාමත් පිරිමින් දන්නේ එකම දෙයයි
හැම දෙයක්ම ගැහැණුන්ගේ පිටින් යවයි
වැරදි නුබ නොවේයි උපන්න නුබේ රටෙයි
මොකක් කළත් සැමදා ඇය ගැරහුමේමයි.....

බිහි කරලා දුක් වින්දත් වැරදි ඇයමයි
ආදරයෙදි අතැහැරියෙත් ඇය හින්දයි
තලා පෙළා රිදවන්නෙත් ඇය හින්දයි
නුබ නොදන්න කදුලු සයුරේ ඇය ගිලුනයි....

වැරදි කළත් එකට පළි ගැහැණියනම්
මිනි මැරුවත් එකට මුල ඒ කතනම්
නුබ සොයනා බොරු උපතත් ඇය ළගනම්
ඇයට කදුලු දෙන්නකෝ ගැරහුම් පුදමින්...



දිල්ෂාන්


කියෙව්වා මුල සිට නුඹලගේ කවි සටන
දැනේනවා හදවතට දුකක් එය කියවන කලට
ගැටලුව උපතේ බොරුව ගැනුන් බවද
එහෙම නම් අවසරයි පවසන්නට මාත් යමක්

ඇස් කන් විහිදලා බලලත් දස අතරේ
දුටුවේ බොරු කියන්නේ ගැහැනුන් පමනක් බවද
කැමති පවසන්නට නුඹ හට මා සබදේ
ගලවන්න නුඹ දාගෙන ඇත්නම් කණ්නාඩි

මිනිසුන් අරුමයකි තෙරුම ගත නොහැකි
කොපමන හැදින ගත්තත් නොහැකිය සිත දැනගන්න
කට පුරා පවසන්නේ නැති දේ ඇති සැටිය
ගැහැනුන් මෙන්ම පිරිමින්ද බොරු කියනව සත්තයි

පඩිවරුන් පැවසුවේ බොරුවේ උපත ගැනුන් බවද
පැවසුවෙ නැතිද ඉහලට නගින පිරිමින් පසුපස ගැහැනුන් ඇති බවට
කුමක් පැවසුවත් එදවසේ වියතුන් සිටිය
දැන් නම් ලෝකය වෙනස් වී ඇත මා සබඳ

ගැහැනුන් මෙන්ම පිරිමින්ද ජිවිත බිලි ගන්නේ
හිතුවොත් සාදාරනව නුඹටත් එය වැටහේවී
පවසා ඇතත් යම් යම් දේවල් පඩිවරුන් එදා
දැනේනවා ඔවුනුත් පිරිමින් කියා

යමෙකෙකු පැවසු දෙයක් අපසු නොකියන්න
ඇස් කන් වසා ලොව දේස නොබලන්න
හදවතට එකගව තිරන ගන්න
වැටහේවි නුඹටත් සත්‍ය කුමක් කියා



අමා


අපේ සටන සම කරනට සිරි අයියේ
පැමිණි නුබව පිළිගන්නෙමු හද රිසිසේ
දැන්වත් හර්ශ පිළිගන්නකෝ මා කී දේ
පනහට පනහා ගානේ දෙන්නම් මෙලෙසේ



හර්ෂ


බොරැවට උරැම බොරැ කියනා සියලු දනන්
වෙන්කර බෙදනු බෑ කවියට ලියූ ලෙසින්
අහවර කරන්නට කවියෙන් කියූ වදන්
තුති දෙමි සහය දුන් නංගියෙ සතුටු සිතින්




ඉෂාර අයිය


බොරුවේ උපත සොයනා මේ මගෙ මිතුරේ
මේකට ඇයිද ගැහැණුන් හට දොස් නැගුවේ
බොරුවේ උපත කාටත් නොදැනිම වූයේ
මානව සන්නිවේදනය ඇරඹුම වූ දිනයේ




අමා


තුති මල් කුමට දිනුමයි අයියේ ඕන
එ මල්නම් නෙලුමට කාටත් හැකිය
පිළිගත්තා මා දන්නෙමි එය සොදින
අවසර ඉතින් යන්නකෝ පැරදුම රැගෙන....

අනේ ඉතින් අඩු පාඩුව ඔයා තමයි
ඔයාගේ ඔය ගෙම් වලට අපි අහු වෙයි
කොපමණද දැගලුවත් අවසානය මෙකයි
කුමක් කළත් පිරිමිය ගැහැණියට යටයි......




හර්ෂ


පරදින්නට තරම් මහ ලොකු දෙයක් නැත
කවුරැත් දන්න ඇත්තක අවසනක් නැත
යට කර ගන්න හැදුවට හොල්ලලා කට
ගැහැණුන්ගේ තරම දනිතී විදවනා අය




අමා


විදවන්නේ පිරිමින් විතරයිද ලොවේ
ඒකත් සම සමයි නෑ වෙනසක් දුටුවේ
ඇති නැති තරම කොපමණ වුවත් කීවේ
ඔබමනේ බොරු විගඩම් පටලන්නේ...

මේ රටේ උපත ගැන නුබලා දන්නැත්ද
විජය කුමරු තමයි ල0කාවේ මුල් උපත
කුවේණියයි දුක් වින්දේ ඒ පවට
විජය කියන්නේ අයියෝ ගැහැණියද......??



කාලය නොමැති නිසා මෙම විවාදය මෙතනින නවත්තමි


|
0

වෙනස් නොවුනෙ මම විතරද

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

තනිකම හිත පුරවා ගෙන
උන්නු ගෙවුණු තුන් තිස් පැය
මහා කල්පයට වැඩි බව
දැන උන්නේ මම විතරද

අතිනත පටලා වෙරළේ
ක්ෂිතිජ ඉමට නෙත් දිවු හැටි
වළාකුළු වියන් අතරේ
සිහින මාළිගා හැදු හැටි
කාළය යද්දී ගතවී
වෙනස් නොවුනෙ මම විතරද

සෙනෙහස උතුරා යද්දී
සැගවි ලොවට අපි උන් හැටි
අනෝර මහ වැහි අතරින්
එක කුඩයක අපි ගිය හැටි
කාළය යද්දී ගතවී
වෙනස් වුනේ මම විතරද


|
0

දුප්පත්කමෙන් මිරිකුණු ආදරය

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

නොමැති මන්දිර සදලු
බුමුතුරැණු නන් පැහැ එලු
ඇසෙන ගී හඩ කුරැලු
මැද නුඹයි උනෙ තුරැලු

ඉකි බිදින වැහි අදුර
බිදුණු වහලේ අතර
පය සිඹින වැහි වතුර
නොදැක ඉනු මා සොදුර

චිමිනියේ ගිනි සිලුව
ඔහේ සැලි සැලි නැටුව
නිවී කලුවර සැදුව
සැදෑවට ඉමු දොඩමළුව


|
0

කදුළ

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

රෑ වරැනට පද බදින්න
පුර හදකට සමකරන්න
නින්ද නොනින්දේ උන් මට
හිතයි කවියකින් කියන්න


මහ වැස්සට බිම තෙමෙනා
වගේ මගේ හිත තෙමන්න
පුංචි දේකටත් අඩන්න
එපා මගේ තනි රකින්න
සිහිනෙක මාළිගා තැනූ
සෙනෙහසකට අතැර යන්න
ඈ සමුගෙන යන දවසට
ඇස් වල කදුළක් තියන්න


|
0

නුඹේ යුතුකම

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

රට රකිනා පුතුන් දස දහසක් හිටපු
ගෙල මල් දමින් සරසා පිලි ගනිපු
යන එන අතර මගකදි දුටුවා විදපු
කම්කටුලෙන් උපන් දුක උන් ළග හිදපු

අවි අත දරා රැක මව් බිම ජය ගත්‍තේ
විරැ දු පුතුන්ගේ අගයත් දැන ගත්තේ
මිනිසුන් හිටපු රටකින් අද දැක ගත්තේ
අසුනක්වත් නොදී බසයේ ඉද ගත්තේ

යකඩ පයට වාරැව දෙන්නට උන්න
මිනිසුන් කොයිද අද මගේ දරැවන් රකින
තමන් ණයැති හෙල දරැවන් රැක ගන්න
හිතපන් මිනිසුනේ උන්‍ සිත් සනසන්න


|
0

හිතට බයයි

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

ලෙන්ගතුකම තිබුණත් පුර හදත් එක්ක
සුවදට හිත තිබුණත් පිපි මලක් එක්ක
ලංවී ඉන්නට හිතුණත් නුඹත් එක්ක
ඇරඹුමකට බයයි විදපු දුකත් එක්ක

අමාවකට සද නෑවිත් උන්නාම
ඉඩෝරයට වැසි නොවැටී තිබුණාම
නිවාඩුවට දැක ගන්නට නොවුණාම
දරා ගන්න හැකි වෙද දුක හැමදාම


|
0

මෙහෙමත් මිනිස්සු

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

විකසිත කුසුම් අකලට මිලිනව යද්දී
දහසක් පැතුම් ගිනි දැල්ලට අසු වෙද්දී
ඇස්කන් පියාගෙන යන මිනිසුන් ඉද්දී
අහපන් නුඹත් බුදු හිමි වැඩි රට සිද්දී

වෙසක් දාට දන් පිං කරනා ඇත්තෝ
පහුවදාට මත්පැන් රස විද ගත්තෝ
වැදූ මවට ගරැ කරනා ගුණ නැත්තෝ
කල පව් දරා ගෙන නිරයේ හිද ගත්තෝ


|
0

අඹ මිතුරෝ

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

දුකට ළගින් සැනසුම සොයනට ඉන්න
සැපට ළගින් සෞදිය පුරනට ඉන්න
සැමට කලින් තනියට ළග ඉද ගන්න
මිතුරැකමයි බැදුනේ අප හිත් ගන්න

කෑවද නොකෑවද කියලා සොයන්නට
බැනුමෙන් කරන දේ හරියට කරන්නට
දිවිකතරේ දෙඅත් අල්ලන් දුවන්නට
මිතුරැකමයි තිබුණේ නෙත් පෙනෙන්ට

මිතුර නුඹේ කදුළු මගේ දෙඋර මත
තියා සැනසියන් වැගිරෙන කදුළු හිත
ඉකිය වහං කර ගන්නට දැනෙන දුක
කියා සැනසියන් හද පිරි සුසම මට


|
1

හිමිදිරිය

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

නිල් අතු රිකිලි අතරින් හිරැ කිරණ එන
රජකම දැරැව හද හාමිත් පලා යන
තනියට උන්න තරැ රෑනත් නිවී යන
හිමිදිරියයි මගේ තරැ නෙත් පහන් වන

අලස නොවුන විහගුන් ඔබ මොබ සරන
ලතාවකට උනුන් මියුරැ සර වයන
කැකුළු මල් පිපපෙන්නට රහසේ හදන
හිමිදිරියයි ලොවට ඇරඹුම ගෙනෙන

මිණි මුතු වගේ පිණි බිදු තණ පියස් මත
දිදුලන අරැම දැක සැනසෙන සැවොම හිත
විකසිත සුවද කුසුමක් සේ පෙනෙනු ඇත
හිමිදිරියයි නැගෙන හැගුමෙන් පිබිද ගත


|

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.