2

අසව් මිතුරනි මෙබස් විලියෙන්

Posted by හර්ෂ K සිල්වා on Friday, June 24, 2011

බුදු බණ ඇසෙයි සිව් දෙස ප්රවතිරාව දිදී
පුදුමයි එහෙව් රට මිනිසුන් තාම නිදී
පෝයට පිරෙන ජන ගග පන්සලේ හිදී
රැකුනොත් සිල් වේවි රට දුසිරෙතින් මිදී

මත් උවදුරට අසුවුණු මා මිතුරන්නේ
අත මිට කාසි නැතිවෙන බව නෑ දන්නේ
පහු පහු වෙද්දි තව තව ලෙඩ වැලදෙන්නේ
එතකොට මිතුරැ නෑ සෙට් උන ළග ඉන්නේ

මස් කඩ වලට යන උන් ලැජ්ජා නැතිව
කිරි ටික දුන්න අම්මා ගෙන එයි සතුව
අනේ ඉතින් පෝයට සදහම් අසුව
අයටත් ඉරක් පායනවනෙ විලි නැතිව

දෙතනේ කිරි පෙවූ අම්මා කෝ ළගක
ඉන්නේ මහළු මඩමකදෝ ඈ දුරක
රැයකට නින්ද යනවද අතහැර දුකක
ඒ වගෙ පුතුන් නිරයේ දුක් වෙනු නිසැක

තම සතු බත් කටක් වත් දන් නොදෙන හිත
කොහොමද යන්නෙ අවසන ‍මුළු ලොවම නැත
කොච්චර කියූවත් නොඅසන මුන්ගෙ හිත
සසරේ යාවි විද විද දුක් කදුළු නෙත


|

2 Comments


දැක්කා ඔබ වැනි අයෙක් වැනි වැනි යනවා
මස් කඩයට ගොස් එලියට එනවත් දුටුවා
පාර්ලිමේන්තුවට යන කෙටි පාරෙදි හමුවූවා
වැදි බණ නඩයට එක්වුවට ජය වේවා

Dayal-bathee


වැනි වැනි යන්නෙ බිව්වම විතරද
මස්කඩ ළග ඉන්න නුඹ හට පිස්සුද
මහ මග යන්න අවසර ඕනෙද
වැදිබණ උනත් ඇසුවොත් නරකද

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.