1

අම්මේ

Posted by හර්ෂ K සිල්වා on Tuesday, July 19, 2011

සසර පුරාවට එකට ගියා නුඹ
මතකයි අම්මේ හෙමින්සැරේ
ඒ දුර තනියම යන්නේ කොහොමද
දෙපා වාරැ නැති උනා මගේ

මළහිරැ බසිනා හැන්දෑ අදුරේ
නුඹ කොහේ නෙත් අතැර ගියේ
මගේ දෙඅත උඩ උන්නේ නුඹමද
තාමත් මටනම් හීන වගේ

තරැකැට දිලෙනා අහසේ අම්මේ
නුඹ මැවු රන් මැදුරැ කොනේ
හිතේ තනිය මග ඇරැනේ කොහොමද
තාමත් මටනම් හීන වගේ


|

1 Comments


අම්මා තැනුවේ සෙබලෙකුය එඩී
සුහුඹුලෙකු නොව ගයනා දුක් ගී
සිතට ගෙන අම්මා දුන් බලය සවී
සෝකය සිතින් නෙරපා දමනු වටී

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.