5

රටට හිතැති සංගා

Posted by හර්ෂ K සිල්වා on Friday, July 08, 2011

අපේ හිතේ මුල් තැන දිනු සංග පුතේ
කිව්ව කථාවට මසුරන් දෙන්න හිතේ
සල්ලි වලට කරන්න බැරි දෙයක් නැතේ
හිතන මිනිස්සුන් කයි රට හතර අතේ

පුදුමයි ඒත් ඇත්තයි අගමුල බොහොම
කිව්වේ නුඹ පමණි බිය නැති සේ මෙහෙම
කරන්නෙ මොනවාද ක්රියකට් මතු රැකුම
ඇස් කන් නැතිද රට කරවන හැම ළගම

පාට උපැස් පළදා මෙය බලනු එපා
සංග දිහා නිවටෙක් සේ බලනු එපා
හිතුන දෙයට කිසිදා ගරහන්න එපා
මෙහෙම පුතුන් ගරහන් මැති ඇමති එපා


|

5 Comments


Hats off


මේ මොන බොරු කතාවක් ද?
ඕක සංගා කියපු එකක් නෙමේ, චැනල් ෆෝ එකෙන් ඩබ් කරපු එකක්.
බටහිට අදිසි බලවේගයක්, ඇන්ජීඕ එකක් හරහා ඩොලර් දීලා කරපු වැඩක්.
බැංකි මූන් බංග වේවා.


ඒක ඩබින් කල අයුරක් නොපෙනෙන්නේ
ඇත්ත තිත්ත බව නුඹ දැන් දැනගන්නේ
පෙනෙන දෙයට රැවටී කාලය යන්නේ
කිව්ව නිසයි සංගා කවුරැත් දන්නේ


අනේ සන්ගා ඔයා නම් දෙවියෙක්. ලන්කාවෙ ප්‍රශ්න පුලුවන් තරම් සුද්දොන්ට කියන්න ඕනෙ. සුද්දො ඒවා අහල අපේ ප්‍රශ්න ඔක්කොම විසඳල දෙනවා. 1815 ඉන්දලම ඒ ගොල්ලො අපිව බලා ගත්තා. අපිව දියුනු කලා. සින්හල රජ කාලෙ ඉන්දලම අපේ තිබ්බ ජඩ ගති ඔක්කොම නැති කලේ ඔය සුදු මහත්තැන්ල නොවැ. ඔයාට තැන්ක්යූම තන්ක්යූ.
මීට ඇනෝ ලමයා.


සංගා කිව්වේ සිය හිත්පතුලේ දෑ නොසංගා
අංගා සැම සපිරිය සිත්වල සොම්නස නංගා
සංගායනාවකි ක්‍රීඩාවට හොරු කරලයි බංගා
සිංගාලයෙකු නොවෙ සිංහයෙකුය අපෙ සංගා

පොඩි අවවාදයක් දෙනු රිසිවෙමි දෑ අබිමානෙන්
ලංකාවේ බැරි කතා පිට රටදී වුව පරෙස්සමෙන්
කැකුන තලනවිට කාටද ජොලි නුඹ දැනගන්
සූකර සුද්දන් කොටවා අප වාසිය ගනීද බලපන්

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.