0

සමුගැනීම

Posted by හර්ෂ K සිල්වා on Thursday, December 23, 2010

|
1

මිනිසුනේ

Posted by හර්ෂ K සිල්වා on Thursday, December 02, 2010

|
0

මගේ හිත

Posted by හර්ෂ K සිල්වා on Thursday, November 25, 2010

|
0

දුටුවෙමි

Posted by හර්ෂ K සිල්වා on Thursday, November 25, 2010


තේරැම - අපේ බොඩිමේ ඇන්ටි එයාගෙ නංගි එක්ක හොදටම රණ්ඩු කරනව.මේ රණ්ඩුව පටන් ගත්තෙ එයාලගෙ තාත්ත මැරැන දවසෙමයි.එදා වෙනකන් මේ දෙන්නගෙ දුවල එකට උන්නෙ.ඒත් දැන් බලන් ඉන්න වෙලා තියෙන්නෙ රණ්ඩු විතරයි.අන්තිමේ මේව බලන පොඩි අයගෙ හිත වලත් මේ වගේ දුර්ගුණ ඇතිවේවි


|
1

දැකපු දෙයක්

Posted by හර්ෂ K සිල්වා on Tuesday, November 16, 2010

තේරැම- දවසක් මම කොච්චියේ යද්දි පොඩි උන් දෙන්නෙක් එක්ක ආච්චි කෙනෙක් හිටිය.දුම්රිය මැදිරි වල ඕන වෙලාවක දකින්න පුළුවන් දෙයක්නෙ යදින්නො.ඒත් ඒ පොඩි උන් කලින් එහෙම අය දැකල නෑ වගේ.අත් දෙකම අහිමි හිගන්නෙක් ඇවිත් යදිනකොට ඒ පොඩි උන්ගේ මූනු වල ඇතිවන වෙනසෙන් එයාලගෙ හැගීම මටත් හොදටම දැනුන.ඒත් අවාසනාවකට ආච්චි හිගන්නට සල්ලි දෙන්න වෙනවට පොඩි දෙන්නට කවුළුවෙන් එහා පෙන්නන්න හැදුව.

මේ ළමයි ලොකුවෙලා ගුණදහම් නැති අය උනාම වග කියන්න ඕන මේ වගේ වැඩිහිටියො නොවෙද?


|
0

මගේ කුළුදුල් ගේය පද රචනය

Posted by හර්ෂ K සිල්වා on Tuesday, November 16, 2010


http://www.divshare.com/download/13204738-f3a

|
0

කුමරාණනේ

Posted by හර්ෂ K සිල්වා on Thursday, November 11, 2010

|
0

නුඹ වෙනුවෙන්

Posted by හර්ෂ K සිල්වා on Thursday, November 11, 2010

|
0

සමු ගනිමි මේ මිහිමතින්

Posted by හර්ෂ K සිල්වා on Wednesday, November 03, 2010

හිතේ සුසම් තනුවක් වී
වැටෙන කදුළු කවියක් වී
ගැයෙනා ගී පද අහන්න
නුඹත් මාත් නැති උනාට
සෙනෙහසකට මායිම් බැදි
ලොවක් ඉදීවී අඩන්න

හිත හිතා හැඩූ තරම්
රතු වෙනා දෙනෙත් තියන්
බැදුණු බැමි ලිහන් නොයන්
කියූ දෑස් මග බලන්

මහ මෙරක් වගේ තරම්
නොවිදිනා දුකක් අරන්
උන්නු දෙසිතකින් සොයන්
ගියේ නික්ම සමු අරන්




තේරැම - ආදරය කරන ප්‍රේමවන්තයින් යුවලකට සමාජයේ පවතින විවිධ සීමාවන් නිසා ඇතිවන බාධාවන් කෙලෙවරවන්නේ ජීවිතයේ සමු ගැනීමෙන්.සමාජ සීමාවන් තුළ ඉන්න වැඩිහිටියන් දෙමව්පියන් බලන් ඉන්නෙ තමන් කියන දේවල් වලට එකග වෙලා වෙන්ව යාවි කියල.ඒත් ආදරය පරතෙරටම සොයා ගිය දෙහිතකට ආපසු හැරෙන්න පුළුවන්ද ? ඒ වගේ යුවලක් විසින් ගන්න අවසාන තීරණය ජීවිතෙන් සමු ගැනීමනම්..................


|
1

ආයෙත් මට වැරදුනෝ

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

හෙනහුරැ අපල මා පසු පස දුව එද්දී
අරඹන හැම වැඩම තිතටම වරදිද්දී
මං ගැන යදින දෙවිවරැ දෙවොලේ ඉද්දී
දහසක පඩුරැ මදිවිය දුක කියවද්දී

උදේම නා සුදු පිරැවටයක් ඇදලා
නිවුඩු හාලෙ බත් කට දෙකකුත් කාලා
කිල්ලෙන් බේරෙන්නට තෙරැවණ් වැදලා
ගියේ දෙවොල වෙත සෙනෙහස ගැන හිතලා

සහකාරියගෙ පැත්තේ බර බර හිංදා
අනේ දෙවියනේ අපි විදි දුකු කන්දා
අහවර කර ගන්ට අපි දෙවියන් යැද්දා
සැදුනොත් හොදයි සැම සිත් මැ වෙත රංදා

හැඩහුරැකම් ලිපින හැම දෙවියන්ට කියා
පිහිටක් පතා උන්නේ නෙත් කදුළු අයා
මොහොතක නිහැඩියාවක ඇරඹුමක් නියා
හිත කැළඹුනේ දෙවියන් කෝ කොහෙද කියා

කට්ටඩියා අමුතුම ගමනක් අවා
අතේ දිගු රිටක් පැත්තට වන වනා
මගේ කකුල් දෙක යහතින් වූ නිසා
පණ බේරැනා මාරක අපලෙන් එදා

පසුවයි දැන ගත්තෙ සිදුවුන කතන්දරේ
උන්නේ ඇගෙ පියා සොමියෙල් අන්දරේ
ආයෙත් බලාගන්නට මගෙ කේන්දරේ
අම්මෝ ආයෙ ගියෙනම් නෑ ඒ පාරේ


|

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.