1

ඇති ‍හොදටම

Posted by හර්ෂ K සිල්වා on Sunday, August 07, 2011

කදුළ ඉකි ගසනා වෙලාවට
ඇවිත් ඉන්නට මගේ ළගින්
කෙනෙක් හෙව්වා නොනිද රෑ මං
ගෙවූ කාලය තුල ඉදන්

සිහින මංදිර සදළු තල වල
ගෙවූ කාලය ඇති ඉතින්
අවැසි වෙනසක් සොයා යන්නට
කාලයද මේ මට ඉතින්

ලොවට හැගවුන හිතට ඉනු දුක
කියා ගන්නට මට ඉතින්
අවැසි වෙනසක් සොයා යන්නට
කාලයද මේ මට ඉතින්


|

1 Comments


ඔව් මේ ඔබේ
කාලයයි!
.....
ඒත් පොඩියක් ඉඳින්
ආත්මාර්තකාමී මමිතුර..

දුක පමණිද ඔබ ගෙන යන්නේ
ඇයි සතුට?

එයත් ගෙනයන්න
බෙදා ගන්න!

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.