0
ඇණ වීම
Posted by හර්ෂ K සිල්වා
on
Saturday, March 19, 2011

ආදරය සොයා ගෙන යන මිනිස්සු අතර තමන් සොයා එන ආදරය එපා කියන පිරිමිත් මේ ලෝකෙ ඉන්නවද ? සිංහල ගීතයේ විවිධ තේමාවන් ඔස්සේ ගී ලියවුනද මෙවන් වු අදහසක් දකින්න ලැබෙන්නෙ මෙම ගීතයේය.
ටී ම් ජයරත්නයන්ගේ ලයාන්විත ස්වරයෙන් ගැයෙන මෙම ගීතය සිංහල ගීත රසවිදින සැවොම ඇසිය යුතු ගීතයකි.
නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා සිත
කලඹනු නොහැක ඉතින්.........
ලදකගෙ සෙනෙහස නොයදිමි කිසිද
නිදහස අගයන්නෙම්
නුරා පිරැණු නෙත වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්
සුපුරැදු තනිකම පාළුව මිහිරිය
ඉදිනෙම් සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්
අහල බලන්නකො එහෙනම් ඔයාලත්
Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.