Gunadasa Kapuge ගුණදාස කපුගේ


1945 අගෝස්තු 7 වන දින ගාලු පුරවරයේ මිරිස්වත්තේදී උපත ලැබූ කපුගේ තම ලයාන්විත හඩ අවදි කලේ 1973 දී දෑස නිලුපුල් තෙමා ගීතයෙනි.ඉන් ඇරබි ගායන දිවි මගෙහි අප හදවත් සසල කල ගීත රාසියකට උරැමකම් කී ගුණදාසයන්ගේ ගීත පිළිබද කෙටියෙන් සොයා බලන එක සිංහල ගීතයට ඇලුම් කරන සැවොමගේම සතුටට හේතු වන බව නම් අමුතුවෙන් කිවයුතු නැත.





පලමු ගීතය


දෑස නිලුපුල් තෙමා . .
කඳුළු මුතුවැල් සලා . .
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ . . . .

නිහඩ හදවත් පොතේ ලියවුනු . .
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ . .
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ . . . .

පබළු මිණිමුතු නැතේ මා සතූ . .
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ . .
තුෂර පිනි ලෙස මල් මතේ
කඳුලු පොකුරේ රැදේ . . . .







සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිලිලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තැනු මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවීත් එක්ක පෙමින් බැදුන විහග සෙනග අඩා වී
ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියා වී
ආදරය නුඹට බාරයි රැකගන්න දේවතා වී

සංගීතය :විශාරද ගුණදාස කපුගේ
පද මාලාව :රත්න ශී විජේසිංහ
ගායනය: විශාරද ගුණදාස කපුගේ


දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ
නුඹ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ



නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ

කිළිපොළා සැලී යමින් නොහිටි සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

|

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.