1

කවුළු දොරෙන්

Posted by හර්ෂ K සිල්වා on Tuesday, May 31, 2011

අපට වරම් නැති ලොවක උපන්නට
පිංකර ඇති අපි ළගින් ඉදින්නට
සමුගෙන යන හෙට දවස දකින්නට
පතමි හිතට දිරි ඇතිව ඉදින්නට

කවුළු දොරෙන් රිය දුරක ගියා හිත
හැබහින් දුටු ඒ මුල්ම දිනේ
ආයෙ දකින්නට තව සැරයක් නුඹ
ආ ගිය මග හැසිරැනේ ඔහේ

සුවද පොදෙන් ලද සෙනෙහෙ ගලා ගිය
තවමත් නුඹ නෑ දකිනු කොහේ
හීන හදන්නට ඇසට නින්ද නැත
ආ ගිය මග මගහැරේ හිතේ


|
2

අහිමි දෙපා

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 28, 2011

|
2

නුඹේ උපත මවගෙ විපත

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 28, 2011

හිනහෙන්නද අඩනවාද
පුතේ තවම හිතුනේ නෑ
නුඹේ උපත මවගෙ විපත
තනි මට උහුලන්නට බෑ

මගේ හිතේ ඇවිලුනු ගිනි
පුතේ නුඹට නොපෙනුනාට
උපන් දිනය සමරන්නට
අම්මව තනි කරන්න බෑ

නෙතේ පිරැණු කදුළැල් දැක
පුතේ නුඹට නොහැඩුනාට
උපන් දිනය සමරන්නට
අම්මව තනි කරන්න බෑ


|
0

උපමා නෑ සමකරන්න බෑ

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 28, 2011

සසරේ සැරි සැරෑ
මගෙ හිත පිං පිරෑ
කවුරැද හිත දිනූ
අහම්බෙන් හමුවුනූ

උපමා නෑ සමකරන්න බෑ
නුඹ ළග ඇති වෙන අය ළග නෑ
සෙනෙහස සුර මී විත බදු නෑ
කල්පයක් තරම් නුඹ දුර නෑ

නෙතගින් පෑ මහ ගැඹුරක් නෑ
මගෙ හිත ගිය වෙන අය තව නෑ
හදවත පුද දී ඉවසුම් නෑ
කල්පයක් තරම් නුඹ දුර නෑ


|
4

මා සොදුර

Posted by හර්ෂ K සිල්වා on Friday, May 27, 2011

නිසල දෙණ මා සොදුර නුඹ
දෙනෙත් හැර මා දෙනෙත් සැනසුව
අනේ මා ළග ඉන්න තව
හඩනු බෑ නුඹ අයිති අය ළග හිද

සුවද කල නුඹ පංතියේ
ඉන්න බෑ තව තනිව
එන්න නුඹ ගිය දුරට මට
පාර කෝ නුඹ කොහිද ගියෙ

මතක හිත පිරි සංදියේ
ඉන්න නුඹෙ සුවද විද
ඉන්න හිත හීනයෙම තුළ
නෑනෙ කෝ නුඹ සිහින වල


|
0

හැඩුවා ඉකිබිද

Posted by හර්ෂ K සිල්වා on Thursday, May 26, 2011


එක්ටැම් ගෙයක මා සිරගත කල
මගේ ගෙවුණු පෙර දවසේ
මගෙන් නුඹට උනු කදුළු නෙතට ඉනු
වරද තවම මට නොහැගේ

ලොවෙන් ඈත් වී ඉන්න හිතා ගෙන
ලොවම ඉදිරියේ මා තනිවී
හැඩුවා ඉකිබිද කදුළු සගවගෙන
ඇයි තවමත් හිත ගිමන්හලට නාවේ

මගෙන් දුරස් වී ඉන්න නුඹට හැකි
තැනක මගේ නෙත් තනීවෙලා
හිතනා පැතුමට මටද වඩින්නට
ඇයි තවමත් හිත ගිමන්හලට නාවේ


|
1

අනේ මගේ වස්සා

Posted by හර්ෂ K සිල්වා on Wednesday, May 25, 2011


පිලිවෙත් පුරන අය කෝ පෙර දිනක වගේ
ආයෙත් වෙසක් ඕනද පෙන්නන්න රගේ
මසට බැන බැනා උන් අය කරන දගේ
උනුන්ම මස් කඩයේ පෝලිමක් දිගේ

අභය දානයට රට හැම තැන සොයලා
කාසි වලින් මස්කඩ මුදලිදු සනසා
අරන් ආව රටටම කිරි දෙන හරකා
අනේ අන්න ආයෙත් මසටම විකුණා

බලා ඉනු කොහොම නොකියා මේ විගඩම්
නිසා කියමි කවිකර සෑදෙනු හැකිනම්
නොකා ඉන්න මස් නුඹහට හැකිනම්
අභය දානයම වෙයි නිතැතින් සැකසුම්


|
0

යන්නද හදන්නෙ

Posted by හර්ෂ K සිල්වා on Wednesday, May 25, 2011

සුවද විලවුන් වසා නුඹ
මා නෙතු අතැර ඉන්නා නිසා
බලා උන්නේ සසල හිත
පෙර දවස ගැන දුර හිත හිතා

සුදුමැලි කම්මුල් සිඹින්න
අවසර නැති වූ නිසා
කදුළු සලන දෑසට නුඹ
මා හැර නම් යනු එපා

නොකිලිටි සෙනෙහස් ඉවුරේ
තනිකර දුක ළග තියා
බැදුන සිහින පාරැව ගෙන
මා හැර නම් යනු එපා


|
1

බඹරැන් නාවේ

Posted by හර්ෂ K සිල්වා on Wednesday, May 25, 2011

මහ බෝ සෙවනේ පෑයු සද කොහේ
සමුගෙන යම්දෝ සැ‍දෑ නිම්නයේ
මගේ හිතට දොඩමළු වී උන් ඒ
මල් කැකුළේ කෝ නුඹේ රැව මෙහේ

බණ පද අතරට සිසිලස ආවේ
සුළග නිසා නොව දැන උන්නේ
ඒත් නුඹට හිත දෙන්නට බැරි යැයි
ලොවම අවදියෙන් හිනහෙන්නේ

මල් ඉති අතරට බඹරැන් නාවේ
මලට අයිති බඹරැන් ඇති හිංදා
ඒත් නුඹට හිත දෙන්නට හිතුනේ
බඹර පහස නුඹ හඩවන හිංදා


|
1

හිත හඩන තරම්

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 21, 2011

හිත හඩන තරම් නුඹ කියනා වදන් වලට පැටලී
නුඹ සෙවු තරම් ලොවට හොරෙන් දන්නේ හිත පමණී
ඒ කාලය නිමවී නුඹ ඇවිදින් යලි හිත සැනහී
හැමදාම ලගින් ඉන්නට තිබුණා සෙනෙහස සුරකී


|

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.