3

කෙටි සිතුවිලි

Posted by හර්ෂ K සිල්වා on Friday, July 08, 2011

සරණක් සොයා පන්සල වෙත පියමැන්නේ
පිහිටක් වෙලා යන්නලු කවි කියවෙන්නේ
අරැමය කිමද මොහොතක් බලලා උන්නේ
මුදලට පිරිත් ස්වර මුමුණයි වැට අයිනේ


|

3 Comments


මුසාවාදයමයි සත්තයි නුඹ කට ඇරියොත්
මේ වගෙ නෝබිනා දේ වෙනවද ලන්කාවෙත්
පොඩි පඬුරක් දෙකක් ගත්තට මොක වෙත්
පුද පඬුරු දානයෙන් දිව ලෝ සැප අත්වෙත්

සරන පතා පන්සල වෙත ගියත් පුතේ
තම හිසට තම අතමය හිමි දෙසා ඇතේ
යකඩයත් ගුල්ලෝ හිල් කර ඇත්තේ
හාල් මල්ල ගැන කුමටද කතා, වැඩක් නැතේ


Dayal-bathee


දුටු දේ කිව්වෙ කවියෙන් කිව යුතු හිංදා
හැකි වේ දැකුම අනුරාපුර මග කැන්දා
මිහිදු සෑය වදිනට යන මග රංදා
කාසි වලට පිරිත‍ යටවුනෙ මංදා


පින්වත්තු දැන් පාරිබෝගිකයෝය
කරනා සේවෙට මිලක් නියම වේය
දලදාවෙද කතරගමද වෙනසක් නොපෙනේය
ගනු දෙනු ගජරාමෙට සිදුවේය

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.