1

බසයට හරස් වූ ජීවිතයක්

Posted by හර්ෂ K සිල්වා on Wednesday, June 22, 2011

අයියේ යන්න ඕනෑ පාසලට උදෙන්
හිංදා ඇවටිල්ල අම්මගෙ උරන බසින්
යන්තම් බත් කටක් උගුරට කටට හොරෙන්
දා පිටවුනේ මව් පිය පා නැමද ඉතින්

පොත් ළැම තුරැලෙ උනුහුම විදිනා අතර
පා පැදියේම උන්නේ අයියා නිතර
උදයට සවසටත් යන එන මග නිතර
මේ සොහොයුරන් කොයි කාගෙත් ප්රි ය මිතුර

පැයකට ඇසිල්ලක වේගෙන් යන බසයෙන්
හිරි හැරයක් වේවි සිතුනද නෑ හිතකින්
යට වෙන තුරා මගෙ නංගිව දැක හිදුමෙන්
සිහිසුන් උනා මා අත් පා පණ නැතිමෙන්

පිපෙන්න මුලු ලොවට සුවද දෙන්න සිතා
උපන්න කුමරිය නින්දේ මිලින උනා
හිතන්න බෑ වැරැද්ද කා ලගද කියා
මොහොතක් ඇති වරදින්නට ලොවම වසා

හිත් පිත් නැති ‍රෝද හතරට පණ දෙන මිනිසුන්
හිතුවොත් හොදයි මග යන්නට සිහි ණුවනින්
පොඩි අත්වැරැද්දට වරදින හැටි හිතමින්
යනඑක සුබයි රිය සක හසුරන මිතුරන්


|

1 Comments


ඩැයිවර් කොන්දොස්තර මහතුන් කරන සේවේ
රෑ දාවල් නැතිව මහ ඉහලය නොකියා බැරිවේ
බලධාරීන් සොයා බලා පියවර ගත යුතුවේ
වැරදුනු තැන අත් නෑර සොයන් පුතේ දුවේ

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.