1

පුළුවන් දෙයක් නෑ

Posted by හර්ෂ K සිල්වා on Friday, April 29, 2011
තිස් තුන් කෝටියක් දෙවිවරැ හිටියාට
දේවාලයේ වැද වැටි වැටි වැන්දාට
පුළුවන් දෙයක් නෑ උනුනට කරන්නට
වේවා සෙතක් යැයි දෙඩුමක් හැරෙන්නට

විභාග අත ළගදි දෙවියො සිහි වෙනවා
ලෙඩක් උනත් දෙවියන් යැදුමට එනවා
බබෙක් නැතත් දෙවියන්වම සිහි වෙනවා
මේව දැකල මට සිනහවකුත් යනවා

තණ්හාය ජායතී සෝකෝ බුදු වදනයි
ඇහුනත් නෑහුනා සේ ඉනු හැටි පුදුමයි
පිං දී දෙවියන්ගෙ පැසසුම ලැබ ඉදුමයි
බුදු හිමි වැඩි රටේ මිසදුටු නෙත් අදුරෙයි

|

1 Comments


හිතේ විශ්වාසය තියනවා නම් ලයිට් කණුවකට වැන්දත් වරදින්නෙ නැහ....... සිතිවිලි වල බලේ තමයි හැමදේටම මුල.........

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.