0

විවාදය

Posted by හර්ෂ K සිල්වා on Thursday, October 28, 2010

බොරැවේ උපත සොය සොය පොත් පත් අතරේ
කාළය ගෙවූවට හමුවුනෙ නෑ මිතුරේ
ඇස් කන් විහිදලා බැලුවම දස අතරේ
හමුවුණි උපත බොරැවේ,ගැහැනුන් අත‍රේ

ඉහලට නගින මිනිසුන් පසුපස ඉන්නේ
මව්වරැ වගේ ගැහැනුන් බව පිලි ගන්නේ
පහලට වැටෙන මිනිසුන් පසු පස ඉන්නේ
බොරැවට පණ පෙවූ විගඩම් බව දන්නේ

දහසක් සිහින ඇස් ළග මවලා පෙන්නා
අතේ තියෙන සතයත් රහසේ පන්නා
පැන යන්නට දෙනෙත් පියවෙන තුරැ ඉන්නා
ගැහැනුන් ගැන හිතා නොහැඩුවොතින් දින්නා



අමා


ළබැදි දයාවෙන් ඔබ හට කියන්නද
දුක සිතෙනවා සත්තයි අණුවන සබද
බොරුවේ උපත කිවේ පන්ඩිතයෙක්ද
මේ කීවෙත් නුබ බොරුවකී පිළිගන්නවද

බොරුවේ උපත සෙව්වෙත් නුබ බොරුවෙන්ද
තව තව ඇත්ත කීවත් අපි පිළිගන්නවද
අහෝ මිතුර මායම් දැක නැතුවාද
පිරිමි කියන්නේ සිල් ගත් බමුණන්නද......???



හර්ෂ


දහසක් ළගට ගොස් ඇහුවොත් මේ පැනය
පිළිගන්නට වෙන එකත් නංගියෙ නුඹ සතුය
තොප්පිය දාගන්න පෙර සිතුවානම් කවිය
මම නම් කියූවේ සමහර අය ගැනය



අමා


සමහර අයව වෙන් කෙරුවත් අයියේ ඔන්න
ඒ අය වුනත් ගැණනුන් බව දැන ගන්න
පු0චි බොරුව හිස් මුදුනින් පිළිගන්න
මෝඩ කමේ උපතයි පිරිමින් ඔන්න...



හර්ෂ


බොරැවෙ උපත ගැහැණුන් කියනා එකට
අමා නංගියේ නුඹහට දුක හිතුනාට
ඔයත් ඔන්න කිව්වා බොරැවක් රස‍ට
යන්නට ආසයිද නංගියෙ මම කියු ගොඩට

හැන්දේ මිට වගේලූ ගෑනුන්ගේ මොළය
නංගෝ මම නෙමෙයි කිව්වේ පඩිවරැය
ඒ වගේ කතා නම් පිරිමින් හට නැතය
ඒ වගෙ කථාවක් කිව්වට මට දුකය............




අමා


ළබැදි දයාවෙන් ඔබ හට කියන්නද
දුක සිතෙනවා සත්තයි අණුවන සබද
බොරුවේ උපත කිවේ පන්ඩිතයෙක්ද
මේ කීවෙත් නුබ බොරුවකී පිළිගන්නවද



හර්ෂ


දහසක් ළගට ගොස් ඇහුවොත් මේ පැනය
පිළිගන්නට වෙන එකත් නංගියෙ නුඹ සතුය
තොප්පිය දාගන්න පෙර සිතුවානම් කවිය
මම නම් කියූවේ සමහර අය ගැනය



අමා


බක පණ්ඩිත විලස කවි ලිය ලිය ඉන්න
මේ වගේ පුන්චි දෙකින් සැනසුම ලබන
සුන්දර ගැහැණියට ඇගිල්ල දිගු කරන
අග මුල කියනවාද අනේ මට දැන ගන්න.....?



හර්ෂ


කවි ලියවෙන්නෙ බක පණ්ඩිතයන්ට විතරද
එහෙනම් ඔයත් බක බක පණ්ඩිතයෙක් නොවෙද
අහසේ තරැ බලන් කෙල ගැහුවොතින් අද
තේරේවී නුඹට නිව්ටන් කියපු පද



අමා


හිතවත් ඔබ මොනවද මේ පවසන්නේ
නුබ වැනි අය ගැනනම් මා හොද හැටි දන්නේ
කෙසේ වෙතත් මෙතැනින් නෑ පරදින්නේ
එහෙත් නිදිමතයි කාටද එය පවසන්නේ....?



හර්ෂ


රත් උන හිස් මොළය කුල්මත් කරන්නට
නංගියෙ සිතු එකනම් හොදයි නිදි යන්ට
බොරැ කිය කියා උන්නත් පෙන්නා ‍ලොවට
තුති දෙමි කවි වැලට පිළිතුරැ දුන්නාට



අමා


ඉහ මොළ රත් වෙනවා මේ කවි දැක්කාම
නිදියන්නේ පුරුදුකම හින්දයි ඉතින් මෙහෙම
දුටුවා අදත් නෙතින් දිව ගිය මුවන් මම
එබැවින් නුබ කීව කිසිවක් නොවෙයි සම



හර්ෂ


හද්ද වන්නියේ ඉන්නා මේ නංගට
ගෑනුන්ගේ හැටි පුළුවන් වේද දැන ගන්ට
කොළඹට ඇවිත් ඇහැ කණ ඇරලා ඉන්ට
පුළුවන් වේවි මා කියු දේ දැන ගන්ට

නංගියෙ මම ආයෙ කැම්පස් යා යුතුය
තව කිව්වොතින් හොදටම කන්නට හැකිය
අවසන් කරමු මේ ගැන ඇතිවුන හබය
අමතක කර ඉන්න ගෑණුන් ගැන කියු පදය



අමා


සක්සුද සේම කියනා දේ පැහැදිළිය
එය නොපිළිගන්නේ තව මදිකමය
බොරුවේ උපත අවසානය නිගමනය
තනි උපතක් ලොව නැත පිරිමින් පළිය...



හර්ෂ


පැහැදිලි නම් නගේ දැන් වැටහී ඇත්ද
තවමත් ඉතින් කියු දේ පිලිගන්නට බැරිද
බොරැව උපන්නේ ගැහැණුන්ගේ ළගද
ජනමත විමසුමක් තිබ්බොත් හොද නැද්ද



අමා


කට ඇති පුතුන් වැදු අම්මේ නුබ නාඩන්
මුන්ගේ මොළය දැන්නම් පදමට වැඩියෙන්
කාට කියන්නද මේ බොරු අරුමෝසන්
ඕන දෙයක් මා එකට සූදානන්......



හර්ෂ


කට ඇති පුතුන් වැදු මව්වරැ ලොව දිදුලයි
බොරැ කියනා කතුන් මව්ගේ නම කෙලසයි
අරැමෝසම් පැළදි ගැහැණුන් අහසේ ඉගිලෙයි
අවසානයේ අම්මා ළග ඉන්නෙ පුතයි



අමා


ඒ ගැන ඉතින් කියනා කට කුමකටද
පුතණින් දෙන තිළිණයනම් ගිලන් ඇද
සෙවණල්ලයි දියණිය සැමදාම සද
අනේ ඉතින් දැන්වත් පිළිගන්නවද...?



හර්ෂ


බොරැ කියනා කටේ නම් ඇති වැඩක් නැත
දැන හෝ නොදැන පිලිගත්එක හොදට ඇත
ගැහැණුන් කියන දේවල් වල ඵලක් නැත
දන්නෝ දනිති කවුරැද බොරැවේ උපත

ගැහැණුන් කියන මඩ ගොහුරේ පිපුණු මල
අම්මා නොවෙද සුවදින් නැහවුවේ ලොව
ඒ ගැන නගේ කිව්වට නම් ඵලක් නැත
අම්මා ගැන ලියන්න‍ට නම් මට වචන නැත



අමා


හැමදාමත් පිරිමින් දන්නේ එකම දෙයයි
හැම දෙයක්ම ගැහැණුන්ගේ පිටින් යවයි
වැරදි නුබ නොවේයි උපන්න නුබේ රටෙයි
මොකක් කළත් සැමදා ඇය ගැරහුමේමයි.....

බිහි කරලා දුක් වින්දත් වැරදි ඇයමයි
ආදරයෙදි අතැහැරියෙත් ඇය හින්දයි
තලා පෙළා රිදවන්නෙත් ඇය හින්දයි
නුබ නොදන්න කදුලු සයුරේ ඇය ගිලුනයි....

වැරදි කළත් එකට පළි ගැහැණියනම්
මිනි මැරුවත් එකට මුල ඒ කතනම්
නුබ සොයනා බොරු උපතත් ඇය ළගනම්
ඇයට කදුලු දෙන්නකෝ ගැරහුම් පුදමින්...



දිල්ෂාන්


කියෙව්වා මුල සිට නුඹලගේ කවි සටන
දැනේනවා හදවතට දුකක් එය කියවන කලට
ගැටලුව උපතේ බොරුව ගැනුන් බවද
එහෙම නම් අවසරයි පවසන්නට මාත් යමක්

ඇස් කන් විහිදලා බලලත් දස අතරේ
දුටුවේ බොරු කියන්නේ ගැහැනුන් පමනක් බවද
කැමති පවසන්නට නුඹ හට මා සබදේ
ගලවන්න නුඹ දාගෙන ඇත්නම් කණ්නාඩි

මිනිසුන් අරුමයකි තෙරුම ගත නොහැකි
කොපමන හැදින ගත්තත් නොහැකිය සිත දැනගන්න
කට පුරා පවසන්නේ නැති දේ ඇති සැටිය
ගැහැනුන් මෙන්ම පිරිමින්ද බොරු කියනව සත්තයි

පඩිවරුන් පැවසුවේ බොරුවේ උපත ගැනුන් බවද
පැවසුවෙ නැතිද ඉහලට නගින පිරිමින් පසුපස ගැහැනුන් ඇති බවට
කුමක් පැවසුවත් එදවසේ වියතුන් සිටිය
දැන් නම් ලෝකය වෙනස් වී ඇත මා සබඳ

ගැහැනුන් මෙන්ම පිරිමින්ද ජිවිත බිලි ගන්නේ
හිතුවොත් සාදාරනව නුඹටත් එය වැටහේවී
පවසා ඇතත් යම් යම් දේවල් පඩිවරුන් එදා
දැනේනවා ඔවුනුත් පිරිමින් කියා

යමෙකෙකු පැවසු දෙයක් අපසු නොකියන්න
ඇස් කන් වසා ලොව දේස නොබලන්න
හදවතට එකගව තිරන ගන්න
වැටහේවි නුඹටත් සත්‍ය කුමක් කියා



අමා


අපේ සටන සම කරනට සිරි අයියේ
පැමිණි නුබව පිළිගන්නෙමු හද රිසිසේ
දැන්වත් හර්ශ පිළිගන්නකෝ මා කී දේ
පනහට පනහා ගානේ දෙන්නම් මෙලෙසේ



හර්ෂ


බොරැවට උරැම බොරැ කියනා සියලු දනන්
වෙන්කර බෙදනු බෑ කවියට ලියූ ලෙසින්
අහවර කරන්නට කවියෙන් කියූ වදන්
තුති දෙමි සහය දුන් නංගියෙ සතුටු සිතින්




ඉෂාර අයිය


බොරුවේ උපත සොයනා මේ මගෙ මිතුරේ
මේකට ඇයිද ගැහැණුන් හට දොස් නැගුවේ
බොරුවේ උපත කාටත් නොදැනිම වූයේ
මානව සන්නිවේදනය ඇරඹුම වූ දිනයේ




අමා


තුති මල් කුමට දිනුමයි අයියේ ඕන
එ මල්නම් නෙලුමට කාටත් හැකිය
පිළිගත්තා මා දන්නෙමි එය සොදින
අවසර ඉතින් යන්නකෝ පැරදුම රැගෙන....

අනේ ඉතින් අඩු පාඩුව ඔයා තමයි
ඔයාගේ ඔය ගෙම් වලට අපි අහු වෙයි
කොපමණද දැගලුවත් අවසානය මෙකයි
කුමක් කළත් පිරිමිය ගැහැණියට යටයි......




හර්ෂ


පරදින්නට තරම් මහ ලොකු දෙයක් නැත
කවුරැත් දන්න ඇත්තක අවසනක් නැත
යට කර ගන්න හැදුවට හොල්ලලා කට
ගැහැණුන්ගේ තරම දනිතී විදවනා අය




අමා


විදවන්නේ පිරිමින් විතරයිද ලොවේ
ඒකත් සම සමයි නෑ වෙනසක් දුටුවේ
ඇති නැති තරම කොපමණ වුවත් කීවේ
ඔබමනේ බොරු විගඩම් පටලන්නේ...

මේ රටේ උපත ගැන නුබලා දන්නැත්ද
විජය කුමරු තමයි ල0කාවේ මුල් උපත
කුවේණියයි දුක් වින්දේ ඒ පවට
විජය කියන්නේ අයියෝ ගැහැණියද......??



කාලය නොමැති නිසා මෙම විවාදය මෙතනින නවත්තමි


|

0 Comments

Post a Comment

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.